කොවිඩ් ජම්බෝ සෙන්ටර් නම් වංචාවකට අදාළ ප්‍රධාන සැකකරුවෙකු වන ඉන්දීය පරිපාලන සේවයේ නිලධාරී සංජීව් ජයිස්වාල් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව වෙත පළා ඒමට සූදානම්ව සිටිය දී මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී.
පසුගිය කොවිඩ් වසංගත සමයේ ඉන්දීය රුපියල් කෝටි 4000කට වැඩි රජයේ මුදල් පරිහරණය කිරීමේදී සිදුවුණු වංචා සම්බන්ධයෙන් සංජීව් ජයිස්වාල්ගෙන් පසුගිය දා පැය 6ක් එරට ආරක්ෂක අංශ ප්‍රශ්න කර තිබුණා. ඔහුට සහ බිරිඳට විදෙස් ගමන් තහනමක් පනවා තිබිය දීයි මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කර තිබුණේ. ඉන්දීය ශිව් සේනා පක්ෂයේ ප්‍රබලයෙක් ද මෙම වංචාව පිටුපස සිටින බව ආරක්ෂක අංශ හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් ජයිස්වාල් සතු විශාල දේපොළ ප්‍රමාණයක් පිළිබඳ එරට ආරක්ෂක අංශ හෙළිදරව් කරගෙන තිබෙනවා.