හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන මුරුගේසු චන්ද්‍රකුමාර එළැඹෙන ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
හිටපු කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම සමත්තුව පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කරන ඔහු 1994-2000 කාලයේ සහ 2010-2015 කාලයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කර ඇතැයි සඳහන්.
ඔහු අඛණ්ඩව වසර 10ක් පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස ද කටයුතු කළ අත්දැකීම් බහුල දේශපාලනඥයෙක් වනවා.