මුරුත්තෙට්ටුවේ හිමිගේ අරගල පොත ජනපතිට පිළිගන්වයි

නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත “ජන අරගලයේ දෝංකාරය” ග්‍රන්ථය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා.

මීට පෙර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් “නොනවතින අරගලයක සැබෑ කතාව, හෙළ වෙදකමේ යටගියාව, නයිටින්ගේල් චරිතය, ජීනිවා අර්බුදයේ දෝංකාරය, රන් හිය හා අඳුරෙන් එළියට” යන කෘති එළිදක්වනු ලැබුවා.

ගැටමාන්නේ ගුණානන්ද හිමිද පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන අයද කෘතිය පිළිගැන්වීමේ අවස්ථාවට සහභාගි වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles