ඉන්දියානු කොන්සල් කාර්යාල දාන්නෙ මාතර බත් කඩ වගේ: දුමින්ද නාගමුව

මෙරට තුළ ඉන්දියානු මැදිහත්වීම ඉතා බරපතළ ආකාරයෙන් සිදුකෙරෙමින් යන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික දුමින්ද නාගමුව පවසනවා. මෙරට දේශපාලන පක්ෂ අතර ඉන්දියාව සමඟ හාද වීම වෙනුවෙන් තරඟයක් පවා නිර්මාණය වී ඇති බවයි ඔහු පවසන්නේ.

මාතර බත් කඩ තිබෙන ප්‍රමාණයට ඉන්දියානු කොන්සල් කාර්යාල අරඹන බව පවසන ඔහු මේ වන විට කොළඹ, හම්බන්තොට, නුවර, යාපනේ කොන්සල් කාර්යාලවලට අමතර ත්‍රිකුණාමලයේ ද එකක් ආරම්භ කිරීමට සූදානම් වන බව චෝදනා කරනවා.

මෙම මැදිහත්වීම නාඩි වැටෙන දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් කිසිවෙකුට නොසලකා හැරිය නොහැකි බවයි ඔහු අවධාරණය කරන්නේ.

ඉන්දියාවේ අනුග්‍රහය ලබා ගැනීමට දේශපාලන පක්ෂ අතර ඇති තරඟය දේශපාලන ප්‍රශ්නයක් නොව මානසික ප්‍රශ්නයක් බවයි ඔහු පවසන්නේ.

මෙලෙස ඉන්දියානු ආර්ථික මැදිහත්වීම, ආරක්ෂක මැදිහත්වීමක් සහ යුද මැදිහත්වීමක් දක්වා විතැන් වෙන දිනය ඈතක නොවන බවද දුමින්ද නාගමුව කියා සිටිනවා.

මෙය වැළැක්වීමට කටයුතු නොකරන්නේ නම්, යාපනේ ධීවරයන්ට මුහුණ දීමට සිදුවී ඇති තත්වයට මුළු රටටම මුහුණ දීමට සිදුවිය හැකි බවට අනතුරු අඟවන ඔහු අවසන් වශයෙන් කියා සිටියේ මේ තත්වය පරාජයට පත් කිරීමට සියලු ප්‍රගතිශීලී බලවේග පෙරමුණ ගත යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles