නාගාරසා පහරදී මරලා: පොලිසියේ 4ක් රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවෙකු හදිසියේ මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය වඩුක්කොඩෙයි පොලිසියේ රාජකාරි කරන නිලධාරීන් සිව් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

සොරකමක් සම්බන්ධයෙන් සැකපිට මෙම 26 හැවිරිදි නාගරාසා ඇලෙක්ස් නම් තරුණයා පසුගිය 11 වැනි දා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා. එහෙත් ඔහුගේ ඥාතීන් පවසා සිටියේ තරුණයා 8 වැනිදා අත්අඩංගුවට ගත් බවයි. කෙසේ වෙතත් තරුණයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ පසු අසනීප තත්වයට පත් වී රෝහල්ගත කර තිබුණා. පසුව ඔහු මරණයට පත් වුණා.

අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ තමන්ට අමානුෂික වදහිංසා කළ බව නාගරාසා අධිකරණය හමුවේ පැවසූ බව වාර්තා වුණා.

කෙසේ වෙතත් අභ්‍යන්තර තුවාළ හේතුවෙන් තරුණයාගේ වකුගඩු අක්‍රිය වී මරණයට පත්ව ඇති බවයි අධිකරණ වෛද්‍ය වාර්තාවේ දක්වා ඇත්තේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ උපපොලිස් පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වරු තිදෙනෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles