සජිත් නාවාට නලීන් නිදහසට කරුණු කියයි

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස හා ජාතික ජනබලවේග නායක අනුර දිසානායක අතර ස්වාධීන රූපවාහිනිය විසින් පැවැත්වීමට ආරාධනා කර තිබූ විවාදයට විපක්ෂ නායකවරයා සහභාගී නොවන බව ඊයේ (06) ලිපියක් යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර දැනුම් දී තිබෙනවා.

එම පක්ෂයේ විවාද සම්බන්ධීකාරක ලෙස මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ප්‍රථමයෙන් ආර්ථික කමිටු විවාදයත් පසුව නායකත්ව විවාදයත් පැවැත්වීමට තම පක්ෂය ජාතික ජන බලවේගයට ආරාධනා කළ බවයි.

නමුත් ඔවුන් ආර්ථික කමිටු විවාදය සම්පූර්ණයෙන්ම මගහැර දෙපාර්ශවයේ කිසිම එකඟතාවයකින් තොරව ස්වාධීන රූපවාහිනිය පවත්වන විවාදය සඳහා සහභාගි වීමට තීරණය කර ඇති බවට ඔහු චෝදනා කරනවා.

එමෙන්ම පසුගිය මාර්තු 21 වෙනිදා පාර්ලිමේන්තුවේදී තමන් විසින් ආරාධනා කළේ පක්ෂ දෙකේ ආර්ථික කමිටු විවාදය පැවැත්වීමට බවත් එදින පාර්ලිමේන්තු වාර්තාකරණයේදී ස්වාධීන රූපවාහිනී සේවය පහසුකම් සැලසීමට ඉදිරිපත් වූයේද එම විවාදය සඳහා බවත් එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

මෙම විවාද පැවැත්වීම පිළිබඳ දෙපාර්ශවය අතර පූර්ව සාකච්ඡා පවත්වා වැඩසටහන් සැකැස්ම ආදිය සිදු කිරීමට සමඟි ජන බලවේගය යෝජනා කළ බවත් ඒ කිසිදු යෝජනාවකට යහපත් ප්‍රතිචාර නොදක්වා ජාතික ජන බලවේගය එකඟ වූ දිනය පදනම් කරගෙන මෙම සංවාදය පැවැත්විමට ස්වාධීන රූපවාහිනී නාලිකාව සූදානම් යැයි පැවසීම විධිමත් සැලසුම් සහගත ක්‍රමවේදයක් පදනම් කරගෙන අනුගමනය නොකළ ප්‍රකාශයක් බවද නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ලිපියේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

එමෙන්ම අදාළ විවාදය පැවැත්වීමේදී තම පක්ෂයේ යෝජනාව වනුයේ සියලුම විද්‍යුත් නාලිකා , මුද්‍රිත නාලිකා, මුද්‍රිත මාධ්‍ය සමඟ සියල්ලන් එකඟ වන පොදු ස්ථානයක පැවැත්වීම බවද ඔහු‌ගේ ලිපියෙහි සඳහන්.

3 COMMENTS

  1. SGB හෙළුව දැන් පෙන්වනවා රට කාපු මෙතෙක් කාලයක් තිස්සේ….

  2. දැන් බයිලා ගහනවා, උබලගේ නොහැකියාව කියපල්ලා ඔය බයිලා අහන්න මිනිස්සු හරක් නෙමේ, මොන විවාදයට හරි ඉදිරිපත් වෙලා ඉඳපල්ලා

  3. අඩගැහුව්වෙ ආර්ථික කමිටු විවාදයකට මිස නායක විවාදයකට නොවෙයි. කොයි කවුරු කීවත් මෙතෙක් ශ්‍රි ලංකාවෙ ජාතික නායකත්වයට සපැමිණි කිසිම නායකයෙකු විවාද සදහා ඉදිරිපත්වෙලා නෑ. ජේ. ආර් පේමදාස, චන්ද්‍රිකා ,රනිල්,මහින්ද තියා විජේවීර සෝමවංශ වත් විවාද කරන්න ඇවිල්ලත් නෑ කවුරුත් කතාකරලත් නෑ. සජිත් ප්‍රේමදාස කියන නායකයත් පසුපෙළ මන්ත්‍රිවරයෙකුව සිටියදීවත් කිසිදු විවාදයකට සහභාගී වී නෑහැ. ඒ නිසා කයිය ගහන කයියා නායකලා රට හදන්න කණ්ඩායමක් පේන්න ඉන්නකොට ඒ කණ්ඩායම සමග විවාද කරන්න හරි බයයි. ඔච්චර සුපසන් සුපිරිසිදු පක්ෂයක් නම් මොන විවාදෙ වුනාම මොකද අභියෝගය භාරගන්න එකයි වැදගත්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles