ඉදිරි ජනපතිවරණයේදී රට සහස පාක්ෂිකයා දිනවන්න එක් වන්නැයි පක්ෂය හැර ගිය සියලු දෙනාට ආරාධනා කරන බව එම පක්ෂයේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
“මට වගකීම තිබුණේ මේ සූට් ඒක හරියන කෙනාට මහන්න නැත්නම් අඳින්න පුළුවන් කෙනෙකු වෙනුවෙන් පක්ෂය හදන්න. අපිට බලෙන් අන්දන්න බෑනේ. මේ වගේ අභියෝගාත්මක වෙලාවක තමයි අපි පක්ෂයක වගකිම භාරගත යුතු වන්නේ. පක්ෂය මගෙන් ඉල්ලීමක් කළා අපේක්ෂකත්වය බාරගන්න කියලා. මම හිතනවා මේ රටේ පාක්ෂිකයෝ එක්ක මේ රට දිනවන්න ජාතිය දිනවන්න අපි ඒ වගකීම ඉටු කරන්න අවශ්‍යයි. “
“මෙවර මැතිවරණයේ පළමු බලවේගය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. හිත් අමනාපවීමක් හෝ වෙනත් කාරණයක් නිසා අපෙන් ගියපු අයටත් අපි ආරාධනා කරනවා අපි එකතු වෙලා වැඩ කරමු කියලා. අපි එකට හිටපු අය ඒ නිසා සාකච්ඡා කරලා එකඟ වෙලා වැඩ කරමු. අවසානයේ දිනවන්න අවශ්‍ය පාක්ෂිකයා සහ මේ රට.”
“ජනතාවට අපි කියනවා අපිව විශ්වාස කරන්න, පක්ෂය විශ්වාස කරන්න. අපි ඔබ දිනවනවා, රට දිනවනවා. පැහැදිලිවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ මැතිවරණය ජයග්‍රහණය කරනවා.” යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.