රාජ්‍ය සේවයට නාමල්ගෙන් අලුත් දැක්මක්

රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා නව තාක්ෂණය හඳුන්වා දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් සිය පක්ෂය සතුව පවතින බවයි ඔහු කියා සිටින්නේ.

හක්මන ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

“2015 දී මහින්ද රාජපක්ෂ රට නවත්තපු තැනින් නැවත වතාවක් සැප්තැම්බර් 21 වනදායින් පස්සේ ඒ සංවර්ධනය ගමට ගේන්න ලංකාව ආසියාවේ දියුණුම රට බවට පරිවර්ථනය කිරීමේ වගකීම අපි භාරගන්නවා. අපි වගකීම ඉටු කරනවා. “

“අපි තාක්ෂණය ගේන්න ඕනේ. අපි තාක්ෂණය බද්ද කරන්න ඕනේ. අපි අපේක්ෂා කරන්නාවු තාක්ෂණික විප්ලවය රාජ්‍ය සේවයට අපි ගේන්න ඕනේ. රාජ්‍ය සේවය තුළින් ජනතාවට මේ සේවාවන් තාක්ෂණය සමග බද්ද කරලා පෝලිම්වල ඉන්න එක අයින් කරලා දෙන්න ඕනේ. අපි ඒක කරනවා. “

“පරිභෝජනය අඩුකරලා මිල වැඩි කරලා තෙල් පෝලිම් අයින් කරාට පාස්පෝට් පෝලිම අයින් කරගන්න බැරිවුණේ ඇයි. එහෙම වුණේ තාක්ෂණයත් එක්ක මේ රාජ්‍ය සේවය බද්ද නොකරපු නිසා. ගෝඨාභයගේ කාලයේ අපි තාක්ෂණික පෙරළිය ආරම්භ කරත් අවාසනාවකට අරගලය එක්ක ඒවා නතර වුණා. නාමල් රාජපක්ෂ හදන ආණ්ඩුව තාක්ෂණයත් එක්ක මේ රටේ රාජ්‍ය සේවය බද්ද කිරීම වගකීමෙන් යුතුව ක්‍රියාත්මක කරනවා.” යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles