ඊයේ (18) සවස නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් අණ නොතකා ධාවනය කළ බව කියන කුඩා ලොරි රථයක් හඹා ගොස් වෙඩි තැබීමෙන් රියදුරා එතැනම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැඩ නිමවී නිවස බලා යමින් සිටි තෙදරු පියෙක් බවයි වාර්තා වන්නේ
මේ අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණු ජනතාව නාරම්මල පොලිසියට පහර දී අලාභහානි සිදු කර තිබෙනවා.
අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී ආසන්නයේ ගමන් ගත් කුඩා ලොරියකට නවත්වන ලෙස අණ කර තිබෙනවා. ලොරිය නොනවත්වා ධාවනය කිරීමේදී හඹාගෙන ගොස් වෙඩි තැබූ බවයි ජනතාව චෝදනා කරන්නේ.
කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ අදාළ නිලධාරීන් ඔවුන් බිය ගැන්වීම සඳහා ගිනි අවිය එල්ල කරද්දී වැරදීමකින් එය ක්‍රියාත්මක වී ඇති බවයි.