එක්සත් ජනපදය පදනම් කරගත් සමීක්ෂණ සමාගමක් වන මෝනිං කන්සල්ට් සමාගම විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව ලොව ජනප්‍රියම නායකයා ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි පත්ව තිබෙනවා.
ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 76%ක් ඔහුව අනුමත කර තිබෙනවා.
මෝදි ඉන්දියාවේ 14 වැනි අගමැතිවරයා වන අතර ඔහු භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරනවා. මෝදි අගමැතිවරයාට මේ වන විට වයස අවුරුදු 73ක් බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, ඔහුගේ නායකත්වය සහිත ඉන්දියාවේ මානව හිමිකම් සහ සුළුතර ජනකොටස් අයිතිවාසිකම් රැකීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයන් පැන නැගී තිබෙනවා.
ඒ අතර මෝනිං කන්සල්ට් ලැයිස්තුවේ දෙවැනි තැනට පත්ව ඇත්තේ මෙක්සිකෝ ජනාධිපති අන්ද්‍රෙස් මැනුඑල ලෝපේස් බවයි සඳහන් වන්නේ.