නතාෂා – බෲනෝ නිදොස් කොට නිදහස්‍

බුද්ධාගම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ බවට සිංහල රාවය ඇතුළු සංවිධාන කිහිපයක් කළ පැමිණිල්ලට අදාළ නඩුවෙන් ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සහ SL-Vlogs හිමිකරු බෲනෝ දිවාකර නිදොස්  කොට නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා අද (19) නියෝග කළා.

මෙම නඩුකරය ඉදිරියට ගෙන යෑමට සාක්ෂි කිසිවක් නැති බැවින් මෙම තීන්දුව ලබා දුන් බවයි වාර්තා වන්නේ.

2023 මැයි මාසයේදී නතාෂා එදිරිසූරිය කොළඹ පැවති ස්ටෑන්ඩ්-අප් කොමඩි සංදර්ශනයක් අතරතුරදී බුදුදහමට අපහාස කිරීමේ චෝදනාව එල්ල කර අත්අඩංගුවට ගනු ලැබූ අතර එම වීඩියෝ දර්ශන බෙදාහැරිම නිසා බෲනෝ දිවාකර ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා රිමාන්ඩ් භාරයට පත් වූ නමුත් පසුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන්ට ඇප ලබාදීමට කටයුතු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles