ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජාතික ගීය ගායනා කර තිබෙන බව තහවුරු වී තිබෙනවා.
ඒ අනුව එම අවස්ථාවේ දී ඇය ජාතික ගීය ගායනා කර ඇත්තේ වැරැදි ආකාරයෙන් බවටයි ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද කමිටුව විසින් අනාවරණය කරගෙන ඇත්තේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික ගීයේ අදාළ පදමාලා මධ්‍ය ස්වරයෙන් ගායනා නොකර උච්ච ස්වරයෙන් ගායනා කර ඇති බවයි එම විමර්ශන කමිටුව පවසන්නේ.
එසේම මෙම සමාරම්භක උත්සවයේදී ගායන ශිල්පිනිය කණ්ඩායමක් සමඟ ජාතික ගීය ගායනා කර ඇති අතර, එහිදී “මාතා’’ වෙනුවට “මහතා’’ යැයි ගායනා කර ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා පත් කරනු ලැබු කමිටුව පවසනවා.
ඊට අඳාළ කමිටු වාර්තාව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාරදී තිබෙන අතර මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් වෙනවා.