කොළඹ ජාතික රෝහලේ ‘පෙට් ස්කෑන්’ පරීක්‍ෂණ කිරීම නැවතීමේ අවධානමක් ඇති බව සඳහන් වෙනවා.
ඒ අනුව තවත් සති දෙකකින් පසුව එම පරික්ෂණ අත්හිටුවීමට සිදුවන බවයි රජයේ විකරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්ම වික්‍රම පවසන්නේ.
එම යන්ත්‍රවලින් පරීක්‍ෂණ කරන වෘත්තිකයන් විශ්‍රාම යෑම සහ සේවයෙන් ඉවත්ව රට හැරයෑම එම තත්වයට හේතු වී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
එසේම මහනුවර ජාතික රෝහලේ සහ මඩකළපුව රෝහලේ පිළිකාර රෝගීන්ට පිතිකාර කරන ‘ලීනිටර් ඇක්සලරේටර්’ යන්ත්‍ර ද මාස කීපයක සිට අක්‍රීය වී ඇති බව ද එම සංගමයේ සභාපති චානක ධර්ම වික්‍රම පවසන්නේ.