ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ

ජාතික වෙසක් සතිය අද (21) ආරම්භ වෙනවා.

අද සිට ලබන 27 වනදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර වෙසක් සතියේ සමාරම්භක උත්සවය අද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මේ අතර වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ සඳහා පොලීසියට අමතරව ත්‍රිවිධ හමුදාවේ ද සහාය ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles