මැතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂය ගෙන යන ප්‍රචාරණ වැඩපිලිවෙලේ පළමු රැළිය ඊයේ (10) කුලියාපිටියේදී පැවැත්වුණ අතර විශාල ජනතාවක් ඊට සහභාගි වී සිටියා. මෙය සංවිධානය කර තිබුණේ, එජාප උපසභාපතිවරයෙක් වන අකිල විරාජ් කාරියවසම් විසින්.
කෙසේ වෙතත්, අද වන විට එක්සත් ජාතික පක්ෂයේ තවත් ප්‍රබලයෙක් ලෙස සැලකෙන සබරගමු ආණ්ඩුකාර නවීන් දිසානායක X සටහනක් තබමින් කියා ඇත්තේ ඊයේ රැස්වීමේදී එය ආමන්ත්‍රණය කිරීමට තිබුණු ලැයිස්තුවෙන් තමාගේ නම කපා දමා ඇති බවයි. මේ තීරණ ගන්නේ කවුදැයි ඔහු ජනපතිවරයාගෙන් ප්‍රශ්න කර තිබෙනවා. තමන් පක්ෂය වෙනුවෙන් පෙනී සිටියද පුද්ගලයෙකුගේ ගෞරවයට හානි නොවිය යුතු බවයි ඔහු එහිදී පවසා ඇත්තේ.
මේ වන විට එජාපයේ ප්‍රබලයෙක් වන සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද ඊයේ දිනයේ මංගල රැළියට සහභාගි නොවීම කැපී පෙනුණා.
There are no respectable people in UNP other than Ruwan Wijreardene and Navin Dissanayake.