නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි වන්දනාකරුවන් රැගෙන පැමිණි බස් රථයක් අනතුරට පත්ව තිබෙනවා.
බස් රථයේ සිටි 38 දෙනාගෙන් අයෙකු මිය ගොස් ඉතිරි 37 දෙනාම තුවාළ ලබා ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුව ඇත්තේ පේරාදෙණිය, කොබ්බෑකඩුව හන්දිය – යහළතැන්න ප්‍රදේශයේ දීයි.
මියගොස් ඇති පුද්ගලයා අවුරුදු 79 ක් වයසැති පුඩළුඔය පදිංචි පිරිමි පුද්ගලයෙක් බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.
පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.