බටහිර ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපක 6.3 ක නව භූමිකම්පාවක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
2,400 කට වැඩි පිරිසක් මිය ගිය මාරාන්තික භූමිකම්පා මාලාවකින් දින කිහිපයකට පසුවයි මෙම නවතම භූමිකම්පාව හටගෙන තිබෙන්නේ.
මෙම භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 80 දෙනෙකු තුවාල ලබා ඇති අතර මියගිය ගණන තවමත් ප්‍රකාශයට පත්කොට නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
දැඩි අන්තවාදී ආගමික,දේශපාලනික සහ ආර්ථික අර්බුදයන් හමුවේ හෙම්බත්ව සිටින ඇෆ්ගන් ජනතාව මෙලෙස මුහුණ දී ඇත්තේ ඉතිහාසයේ සිදුවූ දරුණුතම භූකම්පන මාලාවට බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.