යෝජිත ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
එම නව පනත් කෙටුම්පත යටතේ විදුලිබල කේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණ කිහිපයක් යෝජනා කර ඇති බවයි සඳහන් වන්නේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, සති දෙකක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කෙටුම්පත අභියෝගයට ලක්කිරීමට හැකි බවයි.
ඉන් අනතුරුව උපදේශන කාරක සභාවේ දී මෙහි සංශෝධන පිළිබඳ කතා කළ හැකි බව ද අමාත්‍යවරයා පැවසුවා.