ක්ලබ් වසන්ත ඝාතකයන්ගෙ පලායෑම ගැන අලුත් තොරතුරක්

අතුරුගිරිය ටැටූ ආයතනය තුළ සිදු වූ ද්විත්ව ඝාතනයෙන් අනතුරුව ඝාතකයන් පලා ගිය බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී සොයා ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසනවා.

අපරාධයට අනුබල දුන් සැකකරුවෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පියසේදී අගෝස්තු මස (06) වන දින අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී එම සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට වෙඩික්කරුවන් දෙදෙනා හා ආයුධ අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන යාමට කුලී වෑන් රථයක් සම්බන්ධ කර දී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අනතුරුව එම සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව වෙඩික්කරුවන්ට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පලායාමට භාවිතා කළ බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී සොයා ගැනීමට හැකි වූ බවයි සඳහන් වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු දර්ගා නගරයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක් වන අතර මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවක් ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු හා බස් රථය වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලිසිය වෙත භාරදී ඇතැයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles