සනත්⁣ගේ මරණය නිසා පොහොට්ටුවට මන්ත්‍රී ධුරයක් අහිමි වෙයි

මාරක රිය අනතුරකට ලක්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ හදිසි අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා ජාතික නිදහස් පෙරමුණේ ජගත් ප්‍රියංකර පත් වීමය නියමිතයි.

පසුගිය මහමැතිවරණයේදී ඔහු ඡන්ද 40527 ක් ලබාගෙන පුත්තලම දිස්ත්‍රික්කයේ හය වැනියා බවට පත් වුණා.

ඒ අනුව විමල් වීරවංශ ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණේ දිස්ත්‍රික් නායකයා ලෙස ප්‍රියංකර  කටයුතු කරන බැවින් ඔහුගේ පක්ෂය නියෝජනය කරන අනෙකුත් මන්ත්‍රීවරුන් සමඟ විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බැවින් ආණ්ඩුවට මන්ත්‍රී ධුරයක් අහිමි වන බවයි සඳහන් වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles