තෝරාගත් විෂයන් කිහිපයක් සඳහා අලුතෙන් ගුරුවරුන් 5500ක ප්‍රමාණයක් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.
අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය සහ විශේෂ භාෂා සඳහා එම ගුරු පත්වීම් ලබා දීමට නියමිතව තිබෙනවා.
මේ වන විට 20000ක පමණ ගුරු පුරප්පාඩු පවතින බවයි වාර්තා වන්නේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවේ නැගූ පැනයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පවසනවා.