නව ක්‍රීඩා ඇමැතිගේ – නව ක්‍රිකට් තේරීම් කමිටුව: කුමක් සිදු වෙයි ද?

පසුගිය දිනවල මෙරට ක්‍රිකට් අර්බුදයේදී ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ගැනත් කතබහට ලක් වුණා.

2021 වසරේ සිට මෙරට ක්‍රිකට් තේරීම් කමිටුව හිටපු ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුතු වුණ අතර ඔහුගේ සමහර තීරණ සම්බන්ධයෙන් බරපතළ විවේචනද එල්ල වුණා.

ඇන්ජලෝ මැතිව්ස්, දිනේශ් චන්දිමාල් සහ දිමුත් කරුණාරත්න වැනි ක්‍රීඩකයින් සම්බන්ධයෙන් එම කමිටුවේ තීරණ ප්‍රශ්නකාරී බවයි කියැවුණේ.

කෙසේ වෙතත් ක්‍රිකට් කෙරෙහි මැදිහත්වීම නිසා රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාට සිය ක්‍රීඩා අමාත්‍ය ධුරයද නැතිව ගියා.

නව ක්‍රීඩා අමාත්‍ය ලෙස පත් කරනු ලැබුවේ සමගි ජනබලවේගයේ සිට ජනපතිගේ දෑත් ශක්තිමත් කිරීමට එක් වූ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයායි.

ක්‍රීඩා ඇමැති බලතල ප්‍රකාරව දැන් ඔහු නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කර තිබෙනවා.

එහි සභාපතිත්වය දරන්නේ මෙරට හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන උපුල් තරංගයි. හිටපු ප්‍රබල පිතිකරුවෙක් වන ඉන්දික ද සේරම්, ඩිල්රුවන් පෙරේරා, අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන යන අය කමිටු සාමාජිකයන් ලෙස පත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles