ලොහාන්ට ආයෙත් ලොකු තනතුරක්

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අද(29) දිවුරුම් දුන්නා.

කෙසේ වෙතත් මෙයට පෙර දී වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි දී තමා වෙතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ ඔහු ඉල්ලා අස්වුණා.

ඒ ලොහාන් රත්වත්තේ බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටිමින් රාත්‍රි කාලයේ අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී එම බන්ධනාගාරයේ රඳවා සිටි දමිළ ජාතික රැඳවියකු දෙසට ගිනි අවියක් එල්ල කොට වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් තැති ගැන්වීමක් ඇති වන ආකාරයෙන් සාපරාධී බිය වැද්දීමක් සිදුකර තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles