ඉන්දියාව සමඟ මිතුදම් වැඩි කර ගන්න රනිල්ගෙන් අලුත් වැඩක්

ඉන්දියාවේ විදුලි බල පද්ධතිය හා මෙරට විදුලි බල පද්ධතිය මන්නාරම ප්‍රදේශය හරහා එකතු කිරීමට බලාපොපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරනවා.

එසේම ඉන්දියාව සහ මන්නාරම අතර ප්‍රවාහන සේවය මේ වන විටත් ආරම්භ කර ඇති බවයි ජනාධිපති වික්‍රමසිංහ පවසන්නේ.

මන්නාරම මුසලි ජාතික පාසල් ක්‍රීඩාංගණයේ ඊයේ (22) පැවති ජාතික මීලාදුන් නබි උත්සවය අමතමින් මේ බව සඳහන් කළ ජනපතිවරයා මෙසේද සඳහන් කළා.

” මේ ප්‍රදේශයේ විශාල සංවර්ධන වැඩසටහනක් අප සැලසුම් කර තිබනවා. දැනටමත් ඉන්දියාව සහ මන්නාරම අතර මුහුදු මාර්ගයෙන් ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට කටයුතු කරගෙන යනවා. අපි කංකසන්තුරේ එය ආරම්භ කළා. ඊළඟට තලෙයිමන්නාරමේ එය ආරම්භ කරනවා. ඒ සමඟම ඉන්දියාව සහ ලංකාව එක්ව විදුලිබල පද්ධතිය දියුණු කිරීමට සැලසුම් කර තිබෙනවා. එය සිදුවන්නෙත් මෙම මන්නාරම හරහා බව මම කියන්න කැමතියි. මෙය ආරම්භය පමණයි. මේ සමඟ ඉදිරියේ දී මන්නාරම දියුණු වෙනවා. විශේෂයෙන්ම මෙම ප්‍රදේශයේ හරිත ආර්ථිකය සහ හරිත බලශක්තිය සඳහා ඉහළ විභවයක් පවතිනවා. මෙහි තිබෙන සූර්ය බලයෙන් මෙම ප්‍රදේශය දියුණු කළ හැකියි. පුත්තලමේ සිට මන්නාරම යාපනය අර්ධද්වීපය හරහා මුලතිව් වන තෙක් එම හැකියාව තිබෙනවා. එසේම මෙහි කේන්ද්‍රස්ථානය බවට පුනරින් නගරය පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.ඒ වගේම අපි මන්නාරම සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අපේක්ෂා කරනවා. ඒ හා සමගාමීව ධීවර කර්මාන්තය දියුණු කළ විට මෙම මන්නාරමට අලුත් ආර්ථිකයක් ලැබෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles