පොදුජන ගායක චාමර වීරසිංහ රෝහල්ගත බවට ආරංචියක්!

ජනප්‍රිය ගායක චාමර වීරසිංහ අසනීප තත්වයක් නිසා ප්‍රසංගවලට සහභාගි නොවෙන බවට පසුගිය දා මුහුණු පොතේ සඳහන් කර තිබුණා. මේ ගැන චාමර වීරසිංහ රසිකයන් සහ පොදුවේ මෙරට කලා ක්ෂේත්‍රයට ලැදි සියලු දෙනාම සිටින්නේ කම්පනයකට පත්ව බව නොරහසක්. මෙරට ජන මන රැඳි ගායකයෙක් ලෙස ගෞරවාදරයට පාත්‍රව සිටින චාමර සුවෙන් සිටිනු දැකීම මුළු රටේම අපේක්ෂාවයි.

කෙසේ වෙතත්, පොදුජන ගායකයා යම් කිසි සෞඛ්‍ය තත්වයක් නිසා රෝහල්ගත කර ඇති බවත්, ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ආරංචියක් දැනගැනීමට ලැබෙනවා. වැඩිදුර විස්තර දැන ගැනීමට නැතත්, ඔහු සෞඛ්‍යමය අතින් ප්‍රශ්නයක සිටින බව ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ම සඳහන් කර තිබුණා.

ඔහුගේ නිරෝගී සුවය වෙනුවෙන් සමීපතමයින් ආගමික කටයුතු සූදානම් කර ඇති බවත් ඒ අතර වාර්තා වෙනවා.

මෑත කාලයේ වැඩිම පොදුජන ප්‍රසාදයක් දිනූ චාමර වීරසිංහ ගායකයාට ඉක්මන් සුවය ලැබීම මුළු රටකම පැතුම බව කිව යුතු යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles