කොළඹ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහල් කිහිපයක උපරිම සිල්ලර මිල ඇති සාමාන්‍ය ඖෂධ සඳහා අධික මිල ගණන් අය කරන බවට පැමිණිලි ලැබී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලැබුණු පැමිණිලි ගණනාවකින් පසු පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි දැනගන්නට ඇත්තේ.
මේ සමහර පෞද්ගලික රෝහල් ඖෂධ නියමිත සිල්ලර මිල මෙන් තුන් ගුණයක් අය කරන බවත් ජනතාවගෙන් ලැබුණු පැමිණිලි සහ රෝහල් බිල්පත් පිටපත් සම්බන්ධයෙන් නියාමන අධිකාරිය සිදුකළ මූලික විමර්ශනවලින් එම චෝදනා ඔප්පු වී ඇති බව පෙනෙන්නට තිබෙන බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.
ඇතැම් අවස්ථාවලදී රෝහල්වල නේවාසික රෝගීන්ගෙන් රු.3.75ක් වන පැරසිටමෝල් පෙත්තක් සඳහා රුපියල් 15ක් බිල් කර ඇති බව වාර්තා වෙනවා.