මෝදිගේ විශ්වාසය භංග වෙයි ද?

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට එරට පාර්ලිමේන්තුවේ සූදානමක් පවතින බව විදෙස් පුවත් ඒජන්සි සඳහන් කරනවා.

විශ්වාසභංගයට හේතුව ලෙස දක්වන්නේ මනිපූර් ප්‍රාන්තයේ, වාර්ගික ගැටුම් උත්සන්න වීම සම්බන්ධව ආණ්ඩුවට කෙරෙන චෝදනාවයි.

මැයි මාසයේ ආරම්භ වූ මෙම වාර්ගික ගැටුම් හේතුවෙන් මේ වනවිට 130 දෙනකු මියගොස් ඇති අතර, 60,000 කට පමණ උන්හිටිතැන් අහිමි වී ඇති බවයි සඳහන් කරන්නේ.

කෙසේ වුවත් මනිපූර් ප්‍රාන්තයේ බලයේ සිටින්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය බවත් ඉන්දීය පාර්ලිමේන්තුවේ ඇති ආසන සංඛයාව 542 ක් බවත් පෙන්වා දෙන විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයට හිමි ආසන සංඛයාව 301 ක් නිසා විපක්ෂ දේශපාලන කණ්ඩායම් සන්ධානගතවී විශ්වාසභංගයක් ඉදිරිපත් කළත් එය පරාජය කිරීමේ හැකියාව භාරතීය ජනතා පක්ෂය සතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles