කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය වැඩි ඡන්ද 42කින් පාර්ලිමේන්තුවේදී අද (21) පරාජයට පත් වුණා.
යෝජනාවට විරුද්ධව ඡන්ද 117ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 75ක් පමණයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු, එජාප මන්ත්‍රීවරයා, විපක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරු දෙදෙනා, යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා