ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වනතෙක් කිසිදු මැතිවරණයක් පැවැත්විය නොහැකි බව ජනපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලය සහ මැතිවරණ කොමිසම දැනුවත් කර ඇතැයි වාර්තා වෙනවා.
රට ඉදිරියට යෑමට ජා.මූ. අරමුදලේ කටයුතු සියල්ලට වඩා වැදගත් බවයි උක්ත පාර්ශ්ව දෙක වෙන වෙනම මුණ ගැසුණු ජනපතිවරයා පවසා ඇත්තේ.
කෙසේවෙතත් ජූලි මාසය වන විට එම ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වන බැවින් මැතිවරණ සඳහා එයින් බලපෑමක් නොවෙන බව ජනපති වැඩිදුරටත් පවසා තිබෙනවා.
පළමුව පැවැත්වෙන්නේ ජනපතිවරණයක් බව මේ වන විට තහවුරු වී ඇති බවයි ඒ අතර දේශපාලන ආරංචි මාර්ග කියා සිටින්නේ.