හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ආහාර වේලක් යැ යි කියමින් බත් ස්වල්පයක් සහ පොල් සම්බෝල ස්වල්පයක් සහිත පින්තූරයක් රංගනී ජයවර්ණ නම් අයෙකු විසින් ඊයේ දිනයේ ෆේස්බුක්හි පළ කර තිබුණා. එය ඉතා විශාල වශයෙන් ජනගත වී තිබුණු අතර දැනටත් අර්බුදයට ගොස් තිබෙන මෙරට මහජන සෞඛ්‍ය පද්ධතිය සම්බන්ධයෙන් බොහෝ කතිකා පැන නැගීමට හේතු වුණා.
එම සටහන පහතින්,
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පැහැදිලි කර නිවේදනයක් නිකුත් කරන හම්බන්තොට මහ රෝහල තම ආහාර ලබා දීමේ ක්‍රියාපටිපාටිය සඳහන් කර තිබෙනවා. ඒ අනුව ඒ ඡායාරූපයේ ඇති ආහාර ලබා දී ඇත්තේ සාත්තු සේවකයින් විසින් සද්භාවයෙන් වන අතර ඒ වන විට අදාළ රෝගියා රෝහලේ ලියාපදිංචි වී සිට නැහැ.
රෝහල නිකුත් කරන ලද නිවේදනය පහතින්,