සමාජවාදී තරුණ සංගමය අද (24) පාර්ලිමේන්තුව ආසන්නයේ පොල්දුූව වටරවුමේ සංවිධානය කර තිබෙන විරෝධතාව මහජන පීඩාවක් ඇතිවෙන බව පවසා වැලිකඩ පොලිසිය විසින් අධිකරණයෙන් වාරණ නියෝගයක් ඉල්ලා තිබෙනවා.
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර විත්තිකරු කරමින් පවරා ඇති පැමිණිල්ල සලකා බලා අධිකරණය විසින් එම විරෝධතාව වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.