ඔන්ලයින් සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම් පතට එරෙහිව මහජන විරෝධතාවක් අද (23) දා පාර්ලිමේන්තු වටරවුම අසල දී පවත්වා තිබෙනවා.
‘සමාජය ගොළුවන් කරන සමාජ ජාල පනත හකුලනු’ යන තේමාව යටතේ පැවැති මෙම විරෝධාවයේදී ‘හොරු රකින රනිල් සත්‍යයට වැට බඳී, සහ නිදහස් අදහස් වාරණ පනත ඉරා දමනු’ ආදී පාඨ සටහන් කර පුවරු රැගෙන එම පිරිස විරෝධය දක්වා ඇති බවයි වාර්තා කරන්නේ.
විරෝධතාව සඳහා සමාජ ක්‍රියාකාරීන් සිවිල් සමාජ හා මහජනතාව ද එක් වී ඇති බවයි දැනගන්නට ඇත්තේ.