වතු ජනතාවට අනුකම්පාව එපා!

වතු ජනතාව බලාපොරොත්තු වන්නේ අනුකම්පාව නොව සාධාරණත්වය යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසනවා.

කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය ගැන කතා කරන නමුත් තවමත් ඔවුන්ට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලක් බවයි ඔහු සඳහන් කළේ.

කඳුකර ජනතාව රටට ඇවිත් වසර දෙසීයක් පිරෙන අතර සෙසු ජනතාවට තිබෙන ඉඩම් අයිතිය සංස්කෘතික අයිතිය ඔවුන්ට නැති බවත් එම අයිතීන් ලබා දී වතු ජනතාව සම්පූර්ණ පුරවැසියන් ලෙස පිළිගැනීමට නොහැකි ඇයි දැයි ඔහු ප්‍රශ්න කරනවා.

සිලෝන් ටී ශ්‍රී ලංකා ක්‍රිකට් ‍මෙන්ම ලොව ප්‍රසිද්ධ නිෂ්පාදනයක් වුවත් මේ වන විට දැන් ඒ දෙකම අර්බුදයට ගොස් තිබුණද මේ දක්වා තේ කර්මාන්තය වෙනුවෙන් වතු ජනතාව විශාල කැප කිරීම් කර ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

වර්තමානයේ වතු ප්‍රජාව මුහුණදෙන සමාජ ආර්ථික ගැටලු පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය අරඹමින් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles