නෝර්වේ ශ්‍රී ලංකාව හැර යයි!

ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අවසන් කරමින් 2023 ජූලි 31 වන දින වසා දමන බව නිවේදනය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ නෝර්වේ රාජ්‍යයේ ද්විපාර්ශ්වික සබඳතාව අගෝස්තු 01 වැනිදා සිට නවදිල්ලියේ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලයට පැවරෙන බව තානාපති කාර්යාලය සිය ෆේස්බුක් පිටුවේ නිවේදනයක් සටහන් කරමින් දන්වනවා.

වැඩිදුරටත් ඔවුන් පවසන්නේ එම ෆේස්බුක් පිටුව ද වසා දමන බවයි. ඒ වෙනුවට නවදිල්ලියේ නෝර්වීජියානු තානාපති කාර්යාල ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන්නැයි ඔවුන් පවසා තිබෙනවා.

මේ අතර, සිය ට්විටර් ගිණුම @NorwayAmbLK යාවත්කාලීන නොකරන බව තානාපතිනිය පවසනවා. යාවත්කාලීන කිරීම් සඳහා @norwayinindia අනුගමනය කරන ලෙසද ඉල්ලා සිටිනවා

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles