රටේ අස්ථාවරත්වය උපයෝගී කරගනිමින් ඇතැම් දේශපාලඥයින් රජකම අත්හදා බලන්න කටයුතු කරන බව සුගීෂ්වර බණ්ඩාර පවසනවා.
මීට අවුරුදු දෙකකට කලින් මැයි 09 වෙනිදා රට ගිනි ගත්ත වෙලාවේ මහින්ද රාජපක්ෂ අගමැතිකමින් ඉල්ලා අස්වෙලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යකම බාරගන්න කිව්වම එම අභියෝගයෙන් පලාගියේ මන්දැයි තමන් විපක්ෂනායකවරයාගෙන් ප්‍රශ්න කරන බවද ඔහු කියා සිටිනවා.
එම අවස්ථාවේ රටක් බාරගන්න කොන්දක් විපක්ෂනායකවරයාට තිබුණේ නැති බවත් ඔහු අද ජනාධිපති සිහින දැක දැක වේදිකාවල විහිළු කතා කියන බවත් සුගීෂ්වර බණ්ඩාර ප්‍රකාශ කරනවා.
එම නිසා ගම් දනව්වලට ගිහිල්ලා මේ රටේ ජනතාව දැනුවත් කරන්න ආත්ම ශක්තියක් නැති නායකයෙක්, අභියෝග භාර ගන්න බැරි නායකයෙක්ට මේ රටේ අනාගතයේ භාරදෙන්න අපි සූදානම් නෑ යනුවෙන්ද පෙරේදා (07) කුරුණෑගල, හෙට්ටිපොල පැවති අලුතින් හිතමු, ජාතික සාමූහිකය සම්මන්ත්‍රණය සමග එක්වෙමින් ඔහු කියා සිටියා.