5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන දැනුම්දීමක්

2024 වසරේ ශිෂ්‍යත්ව විභාගයට අදාල අයදුම්පත් භාර ගැනීම අද (27) ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එය ලබන 14 වැනි දා මධ්‍යම රාත්‍රිය දක්වා සිදු කරනු ලබනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

වැඩිදුර විස්තර Www.onlineexams.gov.lk වෙබ් අඩවියට පිවිස ලබා ගත හැකි අතර දුරකතන අංක 0112784537,0112786616 මගින් හෝ 1911 විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකතන අංකය මගින් ද විස්තර ලබා ගත හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles