වාහන ආනයනය ගැන දැනුම්දීමක්

රටට ගැටලුවක් ඇති නොවන සුවිශේෂි වැඩපිළිවලක් යටතේ වාහන ආනයනය අරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද (10) පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.

එමෙන්ම ඔහු පවසා සිටියේ වාහන ආනයනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් දැනුම්දී ඇති බවයි.

“අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් කථා කරලා දැනුම්දීලා තියෙනවා අපි අගොස්තු මාසයෙන් පස්සේ යම් අනු පිළිවෙළකට පොදු ප්‍රවාහන සේවා, ප්‍රවාහන සේවා, අනෙකුත් ප්‍රවාහන සේවාවන්ට භාවිත කරන විකල්ප ඉන්පස්සේ සාමාන්‍ය වාහන, ඊට පස්සේ සුඛෝපබෝගී වාහන වැඩපිළිවෙළක් හදනවා කියලා. ඒ නිසා මේ කමිටුව ජුලි මාසේ 04 වනදා රැස්වුණා.

ඒ කමිටුව මාසයක් ඇතුළත ඒ කියන්නේ අගෝස්තු මාසයේ දෙවන සතිය වෙනකොට ඔවුන්ගේ වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා යම් සුවිශේෂි අනුපිළිවෙක් හදන්න කොහොමද අපි වාහන ආනයනය ආරම්භ කරන්නේ මේ රටට ප්‍රශ්නයක් ඇති නොවී.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

1 COMMENT

  1. මේ යකා පිස්සෙක්.මූ කියන කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ.මූ ගැලරියට චූන් පාන් කාලකන්නියෙක්.ඝල එලවන්න ඕන එවුන්ගෙන් එකෙක් තමයි මේ.රට ප්‍රපාතයට ඇදල දාල මිනිහෙක්ට ව්‍යාපාරයක් කරගන්න දෙන්නේ නෑ.ජනතාව මුන්ට ගහල පන්නන්න ඕන දවස ඉතාමත් ළග එනව .අරගලය 2 ට සූදානම් වෙන්න සියල්ලෝම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles