රාජ්‍ය ආයතනවලට දැනුම් දීමක්

දිවයිනේ සියලුම රාජ්‍ය ආයතන පෙබරවාරි 28 හෝ ඊට පෙර තම වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ලබාදිය යුතු බව විගණකාධිපතිවරයා දැනුම් දී තිබෙනවා.

විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න පවසා තිබෙන්නේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන වාර්තාව සමග පළ කිරීම සඳහා වන විගණකාධිපතිගේ සාරාංශගත වාර්තාව ඒ ඒ ආයතන වෙත ලබා දෙන බවයි.

අදාළ විගණන කටයුතු සඳහා මාස 3ක කාලයක් ප්‍රමාණවත් බවත් මැයි 31 වැනි දාට පෙර වාර්ෂික මූල්‍ය ප්‍රකාශන වාර්තාව සමග පළ කිරීම සඳහා වන විගණකාධිපතිගේ සාරාංශගත වාර්තාව නිකුත් කරන බවද සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles