හැටන්, නෝවුඩ් හි පිහිටි “නෝවුඩ් ෆැෂන් පුද්ගලික සමාගම” ඉදිරිපිටදී, හිඟ වැටුප් හා බෝනස් මුදල් ගෙවන ලෙස බලකරමින් එහි සේවය කළ කම්කරුවන් පිරිසක් විරෝධයක් දියත් කර තිබෙනවා.
පසුගිය 23 වැනි දා විරෝධතා දියත් කළ මෙම කම්කරුන් සදහන් කරන්නේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා කර්මාන්තශාලාව වසා දමා තිබෙන අතර සේවය ලබා ගත් මැයි, ජුනි සහ ජුලි මාස තුන සදහා ගෙවිය යුතු වැටුප් ද මේ දක්වා කිසිදු සේවකයෙකුට ගෙවා නොමැති බවයි.
එසේම ගිය වසර සදහා ගෙවිය යුතු රුපියල් 20000 ක බෝනස් මුදල ද මේ දක්වා සේවකයන්ට ගෙවා නොමැති බවත් මාස තුනක හිඟ වැටුප් නොලැබීමත්, රැකියාව අහිමිවීමෙන් පසු ආදායම් මාර්ගයක් නොමැති විමෙනුත් කර්මාන්ත ශාලාවේ සේවයේ යෙදී සිටි කම්කරුවන් දැඩි දුගී භාවයකට පත්ව සිටින බවත් විරෝධතාකරුවන් පවසනවා.
කෙසේ වුව ද මෙම කර්මාන්තශාලාව වසා දැමීම නිසා රැකියා අහිමි වී ඇති පිරිස 2000 ට අධික බවත් ඔවුන් අතරින් 300 ට අධික කම්කරුවන් පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටි බවයි සඳහන් වෙන්නේ.
දිනකට නිමි ඇඳුම් 2,000,000කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන නෝවුඩ් ෆැෂන් ආයතනයේ පොල්ගහවෙලද කර්මාන්තශාලාවක් ඇති බව ද සඳහන්.