ගැහැනු අපි එක මිටට – තේමාවෙන් මාතර දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ කාන්තා සමුළුව ඊයේ (30) පැවැත්වුණා. මේ වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කය පුරා විසිරි සිටින කාන්තාවන් විශාල ප්‍රමාණයක් පැමිණ සිටි අතර රැස්වීම් භූමිය අතුරු සිදුරු නැතුව පිරී ගොස් තිබුණා.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක, එහි පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය, සුනිල් හඳුන්නෙත්ති, සමන්මලී ගුණසිංහ, සරෝජිනී පෝල්රාජ්, ප්‍රකට නිළි දිල්හානි අශෝකමාලා යන අය සභාව ආමන්ත්‍රණය කළා.
කෙසේ වෙතත් මෙහි පැමිණ සිටි අතිවිශාල කාන්තා ජන ගඟ මෑතකදී මාතර එවැනි රැස්වීමකට සහභාගි වූ විශාලම පිරිස බවයි වාර්තා වන්නේ. ඉතිහාසය පුරා රතු බලකොටුවක් ලෙසින් පැවති මාතර මෙරට වාමාංශික ව්‍යාපාරයේ නායකයන්ගේ තෝතැන්නක්ව තිබුණා.
අදාළ රැස්වීමේ ඡායාරූප පහතින්,