ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා 7 දෙනෙකුගෙන් සමන්විත අතුරු කමිටුවක් පත්කර තිබෙනවා.
එහි සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා කටයුතු කරන අතර ඒ සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනයේ කටයුතු අත්හිටුවා තිබෙනවා.
එයට අදාළ ගැසට් නිවේදනය අද (06) දිනයේ නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අද දින පත්කළ නව අතුරු කමිටුව ඉන් අනතුරුව අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
අදාළ නිවේදනය පහතින්.
සබැඳි පුවත් : අර්ජුන සමඟින් ක්‍රිකට් හදන්න එන අලුත්ම කමිටුව මෙන්න – විජේදාසගේ පුත්‍රයත් ඒ අතර