පොලිස් කාන්තාවකගේ රියේ හැපී OIC මරුට

කැබිතිගොල්ලෑව පොලිසියේ අපරාධ විමර්ශන අංශයෙ ස්ථානාධිපතිවරයා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනුරාධපුර ත‍්‍රිකුණාමල මාර්ගයේ වේල්කුලම ප්‍රදේශයේ දී ඔහු යතුරුපැදියකින් මාර්ගයේ ගමන් කරමින් සිටියදී පිටුපසින් පැමිණි මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබීමෙන් පසුව අනුරාධපුර රෝහලට ඇතුළත් කර දින ගණනක් ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද දිනයේ මරණයට පත්වූ බව රෝහල සඳහන් කරයි.

අනතුර සිදු කිරීම සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ අඹන්පොල පොලීසියේ සේවය කරනු ලබන කාන්තා පොලිස් නිලධාරිනියක අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles