2024 වසරේ සිට දෛනිකව ස්වයංක්‍රියව ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග පැවති සාකච්ඡාවකදී අදාළ තීරණය සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදහස් පළ කරමින් මේ බව කියා සිටියා.
එහිදී බෙදුම්කරුවන් ඒ පිළිබඳ දැනුවත් කළ අමාත්‍යවරයා ඉන්ධන බෙදුම්කරුවන්ගේ අලෙවි මුදල් පිළිබඳව ක්‍රියාත්මක වන නඩු කටයුතු සමථයකට පත් කර ගැනීම, නව ඉන්ධන හල් ඉදිකිරීමේ කටයුතු, ලිහිසි තෙල් අලෙවිය කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගනු ලැබුවා.
එසේම, සියලුම ඉන්ධන පිරවුම්හල් සඳහා ස්වයංක්‍රීය පොම්ප සහ තොග ලබා ගැනීමේ උපකරණ සවිකිරීමට ගෙන ඇති තීරණය පිළිබඳවද අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය දැනුවත් කළා.
මේ පිළිබඳව අමාත්‍යවරයා තම Twitter ගිණුමේද සටහන් කර තිබුණා. එම සටහන පහතින්,
A meeting with the CPC dealers association & CPC took place at the Ministry of Power & Energy. Discussed issues to related dealer margins, distribution of fuel, future developments, new fuel stations to be established.
— Kanchana Wijesekera (@kanchana_wij) September 13, 2023
Briefed the dealers on the plans of CPC to automate all… pic.twitter.com/7KINMoPTmB