සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී

සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. එවිට පාසල් දරුවෙකුට වයස 17 දී උසස් පෙළ විභාගයට පෙනී සිටීමට හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ. වයස 4ක් වූ සෑම දරුවෙකුම පෙරපාසල් යැවීම අනිවාර්ය කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේ පැවසුවා,

“අපි යෝජනා කරලා තියෙනවා Pre Primary එක පටන් ගන්න. වයස අවුරුදු 4 සම්පූර්ණ වෙන දරුවන් පෙරපාසල් ගත කරන්නම ඔ්නේ. කාටහරි එහෙම නොමිලේ යවා ගන්න බැරි නම් අපි හඳුන්වා දෙන ක්‍රමය තුළ අපි ඒ අයට ආසන්නම පාසලක ඔ්න තරම් ඉඩ තියෙනවා. ළමයි 200ට අඩු පාසල් 4,000ක් තියෙනවා. ළමුන් 100ට අඩු පාසල් 2,900ක් තියෙනවා. ඉතාම පහසුවෙන් ග්‍රාමීය මට්ටමින් නොමිලේ  Pre Primary එක කරන්න අපිට ඉඩදෙන්න පුළුවන්. මේ වනවිට ඒ වැඩසටහන ජාතික අධ්‍යාපන ආයතනය හදලා ඉවරයි. ඒ අයගේ ඇකඩමික් කවුන්සිල් එකට දාලා අනුමත කරලා ගේනවා. පළාත් මට්ටමට භාරදීලා ඒ හරහා පෙරපාසල් දැනට ඉන්න පාලිකාවන් පුහුණු කරනවා. අලුතින් එන අයව පුහුණු කරනවා. ඒ අයට සහතික පත්‍ර පාඨමාලාවක්, ඩිප්ලෝමා පාඨමාලාවක් සහ උපාධිය දක්වා හඳුන්වා දෙනවා. ඒ අයට යම් කාලයක් දෙනවා මේ ටික සම්පූර්ණ කරන්න. ඒක හඳුන්වාදීමත් එක්ක තමා දැනට 11 තියෙන සාමාන්‍ය පෙළ 10ට ගේන්න හදන්නේ. එතකොට අවුරුදු 4 ඉඳලා ගණනය කරගෙන යනකොට දරුවෙක් අවුරුදු 15න් සාමාන්‍ය පෙළ ලියනවා. 17 දී උසස් පෙළ ලියනවා. එතකොට වයස්ගත වීම අඩුවෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles