සිංහල සිනමාවේ “සුරතලී” සමු අරන්: ලීනා ද සිල්වා

මෙරට රංග ක්ෂේත්‍රයේ ප්‍රකට නිළියක වූ ලීනා ද සිල්වා අභාවප්‍රාප්තව තිබෙනවා.

ලියනගේ දොන් ලීනා පියසිලි ද සිල්වා නැත්නම් සිනමාවේ ලීනාද සිල්වා 1936 ඔක්තෝබර් 30 උපත ලැබුවා. කොළඹ මාළිගාකන්දේදී. 1955 දී ඈ පංච කල්‍යාණි රූ රැජින තරඟයෙන් 5 වැනි තැන ලැබුවා. කෝට්ටේ ආනන්ද බාලිකා පාසලෙන් අධ්‍යාපනය ලැබුවා.

වයස අවුරුදු 18 දී ඇගේ පළමු රංගනය වූයේ අහංකාර ස්ත්‍රී සිනමාපටයයි. එය 1954 දී තිරගත වූ එකක්. එහි ඈ ක්ලැරිස්ද සිල්වා, හියුගෝ මාස්ටර්, මාක් සමරනායක ආදීන් සේ ම රවීන්ද්‍ර රූපසේන සමඟ ප්‍රධාන චරිතයක් රඟපෑවා. පසුකලෙක ඇගේ ජීවන සහකරු බවට පත් වූයේ ද රවීන්ද්‍ර රූපසේනයි.

පසුව ලීනා රංගනයෙන් එක් වූ චිත්‍රපට ගණන විශාල ප්‍රමණයක්. සුරතලී, සොහොයුරෝ, සුනීතා, සුන්දර බිරිඳ, නළඟන, සුළලිත සෝබනී, සුජාගේ රහස, රන් රස, ගඟ අද්දර, වාලම්පූරි, ආරාධනා, සාරංගා, කැළෑ මල්, කිරි සුවඳ, මලට නොඑන බඹරු, පාරමිතා, යහළු යෙහෙළි, කලියුගය, සමනළ සිහින, හිතවතිය, ආදර කතාව, කිරිමුවැල්, වාසිටි කෙල්ල, පෙරළිකාරයෝ, දුෂ්‍යන්ති, කොටි වලිගය, සිංහ පැටව්, දිනුම, චණ්ඩින්ගෙත් චණ්ඩියා, සෙබළියෝ, සිරිමැදුර, බදුලු කෝච්චිය, තණ්හා ආශා, වීර උදාර, රජ කෙල්ලෝ, රජ දරුවෝ, සුජාතා, අවරගිර, සීමා පවුරු, අනුරාගයේ අනන්තය. පොරොන්දුව යන දීර්ඝ සිනමාපට රංගන ඉතිහාසයක් ඈ සතු වෙනවා.

ලීනාට පුතෙක් සහ දුවෙක් සිටින අතර ඇය අවසන් කාලයේ වාසය කරනු ලැබුවේ කැනඩාවේ. මිය යන විට ඇය 87 වැනි වියේ පසු වූවා.

මෙරට කලාවට මහත් සේවයක් කළ ඈ වෙනුවෙන් Lankaline අපගේ ගෞරවය ලීනා ද සිල්වා වෙනුවෙන් පුද කෙරෙනවා.

ඇය සිය සැමියා සමඟින් රංගනයෙන් එක් වූ නලඟන සිනමාපටයේ එන ගීතයක් පහතින් නරඹන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles