ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත දේශපාලන සිය පක්ෂයේ දේශපාලන වර්තමානය සම්බන්ධයෙන් ඉරිදා සිළුමිණ පුවත්පතට අදහස් දක්වා තිබෙනවා.
සාමාන්‍යයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරන දේශපාලන චරිතයක් වන ලාල්කාන්ත මෙම සාකච්ඡාවේදී පවසා තිබෙන්නේ, තමන් ඉතිහාසයේ වරද්දගත්ත සන්ධානවලට නැවත යන්නේ නැති බවයි.
එම අදහස ඇතුළත් සංවාදයේ ප්‍රකාශය පහතින්,
ජනතාවේගී බලවේග අනෙක් පක්ෂ කැමති වුණත් නැතත් ඉදිරියට යනවා, අනෙක් අයටත් සිදු වෙනවා ඒ ජනතා බලවේගයට සහාය දෙන්න. වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පසුගිය දවසක කියලා තිබුණා ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකතු වෙලා පමණයි මේ ප්‍රශ්නයට විසඳුමක් සොයා ගන්න පුළුවන් කියලා. අපි ඒක අගය කරනවා.
ඒත් අපි අනෙක් දේශපාලන පක්ෂවල කිසි කෙනෙක් අපේ වේදිකාවන්ට ගන්නේ නැහැ. එයාලට පුළුවන් එයාලගෙ වේදිකාවලදි කියන්න අපිට සහාය දෙන්න කියලා. අපි පරණ කරපු පරණ මෝඩකම් ආෙයත් කරන්නෙ නැහැ. ඉතිහාසයේ වරද්ද ගත්ත ‘සන්ධාන ගැහිලි’ ආයිත් වෙන්නෙ නැහැ. එහෙම වුණොත් ජනතාව අපවත් විශ්වාස කරන්නෙ නැහැ. අපත් සමඟ එකතු වෙලා ඉන්න අයත් අප කෙරෙහි විශ්වාසයක් නැති වේවි.