සංචාරක වීසා රැකියා වීසා බවට පරිවර්තනය කිරීම අත්හිටුවයි

සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යය වෙත ඇතුළු වී එම වීසා බලපත්‍රය රැකියා වීසා බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීම 2023.10.31 දින සිට අත්හිටුවීමට ඕමාන් රාජකීය පොලිසිය විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යයට ඇතුළු වී කුමන තරාතිරමේ රැකියාවක් සඳහා වුවද, රැකියා වීසා බලපත්‍රයකට මාරුවීමට මින් ඉදිරියට කිසිඳු රටක පුද්ගලයෙකුට අවස්ථාව හිමි නොවෙනු ඇති.

මීට පෙර, සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළු වී රැකියා වීසා බලපත්‍ර බවට පරිවර්තනය කිරීම සඳහා අදාළ තානාපති කාර්යාලවලින් “විරෝධතාවක් නොමැති” බවට ලිපියක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවස්ථාව ලබාදුන් අතර, මෙම තීරණය අනුව එම අවස්ථාවද නතර කර තිබෙනවා.

සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළු වූ පුද්ගලයෙකුට ඕමානයේ රැකියාවක් හිමිවූයේ නම්, එරටින් පිටවී යලි රැකියා වීසා පතක් ලබාගැනීමෙන් අනතුරුව ඕමානයට ඇතුළු විය යුතුව තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles