හුදෙකලාව තැන් තැන්වල සටන් කර ආණ්ඩුවට දැනවිය නොහැකි බවත් සියලු දෙනා එක්ව එක සටනකට ගොනු විය යුතු කාලය එළඹ ඇති බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. ඔහු මේ බව පැවසුවේ ජාතික ජනබලවේගය වෙනුවෙන් අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී.
ජනතාව එක් කරගත් දැවැන්ත මහජන ව්‍යාපාරයක් හරහා මේ පාලනය අවසන් කර ජනතාවාදී පාලයනයක් වෙනුවෙන් ඉලක්ක සහගත වැඩපිළිවෙලක් ආරම්භ කරන බවයි ඔහු පවසා සිටියේ.
මහා දැවැන්ත සටනක් අරඹන බවත්, මෑත කාලයේ විදුලි බිල වැඩි කිරීම, ධීවර,ගොවි, කඳුකර ජනතා අරගලවල තමන් සක්‍රීය වූ බවත් මේ සියල්ල හරහා හෙට (18) දින නුගේගොඩ නගරයේදී දැවැන්ත ජන විරෝධයක් පැවැත්වීමට සූදානම් කර ඇති බවත් ප්‍රධාන ලේකම්වරයා පැවසුවා.
ආණ්ඩුවේ ප්රජාපීඩක, ජනපීඩක ක්‍රියා පිළිවෙතට විරෝධය පළ කිරීමට සියලු ජන කොටස්වලට ඒ සඳහා එක් වෙන ලෙස ඔහු ආරාධනා කරනු ලැබුවා.