13 දා කෙහෙළියට එරෙහිව මහජන විශ්වාසභංගයක්

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය භාවිත කළ මන්ත්‍රීවරුන් හෙළා දකිමින් සහ පවතින සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් ඉල්ලා සිවිල් සංවිධාන 20කට ආසන්න පිරිසක් එක්ව හෙට (13) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

විදුලි පාරිභෝගික සංගමය, “මගෙන් රටට” සංවිධානය සහ සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් ඊයේ (11) කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරයට ඔවුන් සියලු දෙනාගේ සහය ඉල්ලා සිටියා.

“බෙහෙත් මාෆියාට, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණයට, ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීමට මන්ත්‍රීවරුන් බහුතරයක් කැමතියි.
මගෙන් රටට සංවිධානයේ සංජීව මහවත්ත මෙහිදී පැවසුවා. මන්ත්‍රීවරුන් පාඩමක් ඉගෙන නොගන්නේ නම් තමන් ඔවුන්ට පාඩමක් ඉගැන්නිය යුතු බවයි මෙහිදී පැවසුණේ.

සමගි ජනබලවේගය විසින් කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආ අතර වැඩි ඡන්ද 40කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුව සමත් වුණා. මෙහිදී පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරු 38 දෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවට සහභාගි වී සිටියේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles