සෞඛ්‍ය සේවයේ ඇතිව තිබෙන අර්බුදය වසන් කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා උදව් දෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් චෝදනා කරනවා.
සෞඛ්‍ය ඇමැතිවරයා කමිටු පත් කරන්නේ අර්බුදය වැසීමට බවත් විමර්ශනයකට පසු අධ්‍යක්ෂ ජනරාල්වරයා මතභේදයට තුඩු දුන් එක් ඖෂධයක් ගැන සහතික වුවද එයම රෝගීන් අතර තවමත් සංකූලතා ඇති කරන බව ඔහු තවදුරටත් පවසනවා.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ගන්නේ, මහජනතාවගේ පැත්ත නැත්නම් දූෂිත දේශපාලකයන්ගේ සහ බහුජාතික සමාගම්වල පැත්ත දැ යි ඔහු ප්‍රශ්න කරනවා.